Friday 12th of June 2026

English Tamil
Advertiesment


ඩොලර් මිලියන 2.5 භාණ්ඩාගාර කොල්ලය, මුදල් කාරක සභාව කල් ගැනීමේ මෙවලමක් ලෙස භාවිත කරයි..!


2026-06-12 1265

 
රජිත් කීර්ති තෙන්නකෝන්

 

භාණ්ඩාගාරයේ ඩො.මි. 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් සිදුකරන විමර්ශන ක්‍රමවේදය, තම වැරද වසා ගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා මහ බැංකුව හා භාණ්ඩාගාරය විසින් යොදාගනිමින් සිටින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

අද කෙළඹ දී පැවති පුවත්පත් සාකච්චාවක දී අදහස් දැක්වූ තෙන්නකෝන් මහා පැවසූවේ ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අප්‍රේල් 22 අනාවරණය කළා පසුව,  රාජ්‍ය මුදල් බලය දරණ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයට ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට මාසයක කාලයක් ලබාදුන්නා.  එම වාර්තාව සභාපති හර්ෂ ද සිල්වා මැතිතුමාගේ නිවසට යවලා ප්‍රශ්නය තවත් සතියකින් කල් දමා ගනු ලැබූවා.  ඊයේ දිනයේ එම මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු ලබාදෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තවත් සතියක් ලබාගෙන තිබෙනවා.  දැන් සති හයක් මහ බැංකුව - භාණ්ඩාගාරය මේ මංකොල්ලය ගැන නිල  වාර්තාවක් ලබාදීමටත් මේ අපරාධය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමටත් අසමත් වෙලා තියෙනවා.  දිගින් දිගටම ‘වංචාවේ කරුණු වසන් කරන්න, සැබෑ වගකිවයුත්තන් සඟවන්නට’ එමගින් හැකියාව ලැබිලා තිබෙනවා.  

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් විශුද්ධිකරණ පනත හා 
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ට අනුව කටයුතු කර තිබේදැයි පැහැදිලි නිගමනයකට පැමිණිය යුතුයි. පැහැදිලි ලෙසම ඔවුන් මේ පනත් මගින් තමන්ට පැවරී ඇති වගකීම පැහැර හැර තිබෙනවා. මේ පිළිබඳ කිසිම නෛතික වගකීමක් නැති බව පවසමින් මහ බැංකුව අත පිහිදා ගන්නට උත්සහ දරනවා. 

අනෙක් අතට මහා භාණ්ඩාගාරය රජයේ මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය, රජ්‍ය මුදල් පනත, රාජ්‍ය ණය කලමනාකරණ පනත මගින් තමන්ට පැවරුණු වගකීම් හා කාර්ය පටිපාටිය අනුගමනය කර තිබේදැයි මුදල් කමිටුව නිගමනය කළ යුතුයි. දිගින් දිගටම ලේඛන ලබාදීම මගහරිමින් කටයුතු කිරීම තුල තම වගකීම ඉටු කිරීමට මුදල් කාරක සභාවට හැකියාවක් ලැබී නෑ.  

ඔ්ස්ට්‍රෙිලියාවට ගෙවිය යුතු මේ මුදල් අදාල බැංකු ගිණුමට නොලැබී සති ගිහියක් තැන තැන හුවමාරු වෙමින් තිබූ බව මේ වන විට අනාවරණය වී තිබේ.  සමාන්‍යයෙන්  මේ මුදල් නියමිත ගිණුමකට යන්නේ නැතුව තැන තැන හුවමාරුවෙමින් තිබිලා තියෙනවා. AML එකක් (මුදල් විශුද්ධිකරණය පිළිබඳ සැකයක් මතුවූ විට මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය FIU එ් පිළිබඳ මැදිහත් විය යුතුයි. ඔවුන් එසේ මැදිහත් නොවුණේ ඇයි ද? යන්න හෙළි කර ගැනීම මේ විමර්ශනයේ ඉතාමත් වැදගත් සාක්ෂියකි. 

මියගිය රංග රාජපක්ෂ මහතාට හෝ පරිගණක හා ෆයර් වෝල් ආරක්ෂණ යාන්ත්‍රණයට වරද පැටවීමේ උත්සාහයක් පවතින බව ඉතා පැහැදිලියි.  එමගින්, මහා භාණ්ඩාගාරයේ පරිපාලන හා කලමනාකරණ දුබලතාවයන් වසා ගන්නට ඔවුන් උත්සහ දරනවා.  ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදී ඇති ස්වාධීනත්වය ඔවුන් කිසිදු වගවීමකින් තොරව බුක්ති විදිමින් සිටිනවා.  මෙය අවසනාවන්ත තත්වයක්.

ඇ.ඩො. මිලියන 2.5 ප්‍රශ්නයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවවත්, ණ්ඩාගාරවත් දැන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවවත් තම වගකීම නිසි පරිදි මේ දක්වා නම් ඉටු කර නෑ. 

 

Advertiesment